අල බෝල/ අල බොන්ඩා
අවශ්‍යය ද්‍රව්‍ය:
අල බෝල
- ලොකු ලූනු ගෙඩි 1
- අමුමිරිස් කරල් 3
- කරපිංචා ඉත්තක්
- ගම්මිරිස් කුඩු තේ හැදි 1
- කහ කුඩු තේ හැදි 1/2
- අඹරාගත් සුදු ලූනු බික් 2
- අඹරාගත් ඉගුරු තේ හැදි 1/2
- පදම අනුව ලුණු
- දෙහි යුෂ තේ හැදි 1
පිටි මිශ්‍රණය
- කඩල පිටි කෝප්ප 1
- ලුණු තේ හැදි 1/2
- මිරිස් කුඩු තේ හැදි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
- බේකින් සෝඩා තේ හැදි 1/4
සාදන අයුරු:
මුලින්ම තම්බාගත්ත අල ටික කෑලි සිටින සේ පොඩි කරගන්න. දැන් භාජනයක් ලිප තියලා තෙල් මේස හැදි දෙකක් දාල තෙල් රත් වෙනකොට ඉගුරු, සුදු ලූනු,කුඩාවට කපාගත්ත ලූනු, අමු මිරිස්, කරපිංචා එකතු කරලා තෙම්පරාදු කර ගන්න. ඒ අතරම කහ කුඩු, ගම්මිරිස් කුඩු එකතු කර ගන්න. මිශ්‍රණය තෙම්පරාදු වුනාට පස්සේ අල එකතු කරන්න. රස පදමට ලුණු එකතු කරල මිශ්‍රණය හොදින් කලවම් කරන්න. තවත් විනාඩි 5-6 ක් අල මිශ්‍රණය තෙම්පරාදු උනාට පස්සේ ලිපෙන් බා දෙහි යුෂ එකතු කරන්න. අල මිශ්‍රණයෙන් තමන්ට කැමති ප්‍රමාණයේ අල බෝල සාදා ගන්න.
කඩල පිටි, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු. බේකින් සෝඩා එකට මිශ්‍රකර ඒ මිශ්‍රණයට වතුර ටිකෙන් ටික එක් කරමින් පිටි කැටි නොහිටන සේ උකු පිටි මිශ්‍රණයක් හදා ගන්න.
සාදාගත් අල බෝල පිටි මිශ්‍රණයේ තවරා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැද ගන්න.
No comments:
Post a Comment